දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
කැළණි ඟගේ දිය නෑමට ගිය සහෝදරයින් තිදෙනාගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති අතර, එම අතුරුදන් පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව අද දින (පෙබරවාරි 17) කටයුතු කරන ලදී.
බියගම, මල්වාන ප්රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු අද දහවල් දිය නෑම සඳහා කැළණි ඟග වෙතට ගොස් ඇති අතර, එහි දියනාමින් සිටි එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව බියගම පොලිසිය විසින් කළ දැනුම් දීමකට අනුව, එසැනින් ක්රියාත්මක වු නාවික හමුදාව බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නිලධාරීයෙකු ඇතුළුව 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, එම ස්ථානය වෙත ලඟාවූ කිමිදුම් අංශයේ නාවිකයින් මහත් පරිශ්රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලද අතර, එම මෘත දේහය ඉදිරි නීතිමය කටයුතු සඳහා බියගම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.







|