ලෝක කාන්තා දිනය සැමරීමේ ජාතික උත්සවයට නාවික හමුදා දායකත්වය
ජාත්‍යන්තර කාන්තා දිනය - 2019, ජාතික සැමරුම් උත්සවය ඊයේ (මාර්තු 08) අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම උත්සව අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු, වියළි කළාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහ උතුරු මැද පළාත් අණ්ඩුකාර ගරු සරත් ඒකනායක මහතා, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ ඇතුළු නාවික හමුදා කාන්තා නිලධාරීන් හා කාන්තා නාවිකයින් පිරිසක් සහභාගිවි සිටියහ.
තවද, ජාතික සැමරුම් උත්සවයට සමගාමීව මාර්තු මස 07 සහ 08 දෙදින තුළ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගන භූමි පරිශ්‍රයේදී, ව්‍යවසායක කාන්තාවන්ගේ නීෂ්පාදන ඇතුලත් අළෙවි කුටි වලින් සමන්විත අලෙවි පොළක් හා වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒ සඳහා නාවික හමුදාව විසින් නාවික හමුදාවේ අභිමානය සහ කීර්තිය විදහාපාන අලංකාර ප්‍රදර්ශන කුටියක් එක් කිරීමට කටයුතු යොදා තිබූ අතර, එය ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි සියළුදෙනාගේ විශේෂ අවධානයකට ලක්විය.














|