නාවික මෙහෙයුමකින් උතුරු මුහුදේදී බීඩී කොළ කිලෝග්රෑම් 312.5 ක් සොයා ගැනේ
උතුරු නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 09) අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්රෑම් 312.5 ක ප්රමාණයක් සොයා ගැනීමට සමත් විය.
මෙම බීඩී කොළ පාර්සල් 06 ක බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
තවද, පසුගිය මාර්තු 07 සහ 08 වන දින මන්නාරම, පේසාලේ මුහුදු ප්රදේශය ආශ්රිතව නාවික හමුදාව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්රෑම් 1377.15 ක ප්රමාණයක් සොයා ගැනීමට කටයුතු කරන ලදී. ඒ අනුව මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්රෑම් 1906.15 ක ප්රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, සාගරය ප්රයෝජනයට ගනිමින් සිදු කරනු ලබන ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටි.





|