කේරළ ගංජා කිලෝග්‍රෑම් 91.561 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 17) උදෑසන පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය ශ්‍රී ලංකා දේශසීමාව හරහා මෙරටට රැගෙන ඒමට ඇතැයි සැක පළ කෙරේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 47 සහ 60 වන වියෙහි පසුවන තික්කම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව, මෙම වර්ෂය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 770 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා නාවික හමුදාව සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටින අතර, ඒ අනුව මුහුද සහ වෙරළ තීරයන් මෙන්ම ගොඩබිම් ප්‍රදේශයන් ආශ්‍රිතව සිදු කරනු ලබන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.




