69 වන නාවික දිනයට සමගාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමගාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය 2019 නොවැම්බර් 22 වන දින කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.
හලාවත රදගුරු, ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම ආගමික වැඩසටහනේදී රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත් රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් ඇතුළු සමස්ත නාවික හමුදාවටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.
එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු හිටපු නාවික හමුදාධිපතිවරුන් මෙන්ම සේවයේ නිරත සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගී විය.


























|