වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා අද (2020 නොවැම්බර් 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
30 Nov 2020
රටටම ආශිර්වාද එක් කරමින් නිදහස් චතුරස්රයේදී පැවැත්වෙන විශේෂ පිරිත් සඡ්ඣායනාවේ දෙවන සතිය ඇරඹේ

කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ දෙවන සතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙණ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 නොවැම්බර් මස 25ස් වන දින සහභාගී විය.
26 Nov 2020
නාවික හමුදා මැරීන් බලකායේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 54 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් 2020 නොවැම්බර් මස 24 දින ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී විසිර ගියහ.
25 Nov 2020
70 වන නාවික හමුදා සංවත්සර කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව තුටු පහටු සිතින් යුතුව අනුරපුර පුදබිමේදී පැවැත්වීය

2020 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය මෙවරත් බැතිබර සිතින් යුතුව සංවිධානය කෙරිණි. 2020 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන් හීදී රුවන්වැලි මහ සෑ රඳුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවති මෙම පුණ්‍ය කටයුත්ත නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගෙතැන්න මහත්මිය ද සහභාගී විය.
13 Nov 2020
අභිනව ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (2020 නොවැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
09 Nov 2020
නාවික හමුදා දායකත්වයෙන් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඉවත් කෙරේ

නාවික හමුදාව විසින් දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් 2020 නොවැම්බර් මස 02 වන දින ක්‍රියාත්මක කෙරිණි.
03 Nov 2020
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජෙනරාල් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් අනුර ඒකනායක අද (2020 නොවැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
02 Nov 2020