වැදගත් සිදුවීම්
නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2024 නොවැම්බර් මස 29 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
30 Nov 2024
74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, ජුම්මා පල්ලියේදී ඉස්ලාම් දේව මෙහෙයක්

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින (2024 නොවැම්බර් 30) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.
30 Nov 2024
74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 නොවැම්බර් මස 29 වන දින කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.
30 Nov 2024
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බළකායේ මූලිකත්වයෙන් පැවති සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන්, පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය, ආචාර්යය ගරු හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 29) නාවික හමුදා මුලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කෙරිණි.
29 Nov 2024
ගංවතුරෙන් අවතැන්වු උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට නාවික හමුදාධිපති සහභාගි වෙයි

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අවතැන්වී ඇති උතුරු පළාතේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 2024 නොවැම්බර් මස 27 වන දින මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
28 Nov 2024
මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ ජාතික උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහි කිරීමේ ජාතික උත්සවය, සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 24) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
24 Nov 2024
74 වන නාවික හමුදා සංවත්සර දින සුහද හමුව වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ සුහද හමුව 2024 නොවැම්බර් මස 22 වන දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හා එම මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හා එම මැතිණිය, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ හා එම මැතිණිය, ශ්‍රී ලංකා වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය, හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයන් ගේ ගෞරවනීය සහභාගීත්වය සමඟින් එම උත්සවය උත්කර්ෂව පැවැත්විණි.
23 Nov 2024
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක ආමාත්‍යංශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීම 2024 නොවැම්බර් මස 22 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
22 Nov 2024
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද (2024 නොවැම්බර් 20) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
20 Nov 2024
නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් 2024 නොවැම්බර් මස 19 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
20 Nov 2024