නාවික හමුදාධිපති ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරතවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය 2024 දෙසැම්බර් මස 24 වන දින මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
‘Peace Ark’ රෝහල් නෞකාවේ රියර් අද්මිරාල් YING Hongbo සහ රියර් අද්මිරාල් HE Yongming ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් එහිදී නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමිය, නාවික හමුදා සම්ප්‍රදායනුකූලව, රෝහල් නෞකාව වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමිය, නෞකාවේ නිරීක්‍ෂණ සංචාරය සිදුකෙරිණි.
එහිදී, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේද දායකත්වය සහිතව සිදුකරනු ලබන වෛද්‍ය සායන සහ විශේෂ ප්‍රථිකාර ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන් මෙන්ම, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති විසින් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.
තවද, මෙම අවස්තාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජානක මාරඹේ ද සහභාගී වී සිටියහ.