වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් හසන් අමීර් (Hassan Amir) නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
31 Jan 2025
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 ජනවාරි 31) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
31 Jan 2025
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ජනවාරි 31) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
31 Jan 2025
‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට විජයභාහු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව අද (2025 ජනවාරි 30) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි බලා පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායෙන් පිටත් වීම සිදුකෙරිණි.
30 Jan 2025
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා 28ක් නාවික හමුදාවේ දායකත්වයෙන් පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කරයි

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් ආරම්භ කල රජයේ වී ගබඩා පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ 2025 ජනවාරී මස 29 වැනි දින වන විට වී ගබඩා විසි අටක් (28) පිරිසිදු කර ප්‍රථීසංස්කරණය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
29 Jan 2025
නාවික හමුදාව කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය සඳහා වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා සන්කෙන් ඕවර්සීස් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපනය කිරීම, 2025 ජනවාරි මස 29 වැනි දින සිදුකෙරිණි.
29 Jan 2025
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද දින (2025 ජනවාරි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
29 Jan 2025
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව මඟින් තලෛමන්නාරම ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව තලෛමන්නාරම, ඌරුමලේ නාවික අණුඛණ්ඩය ඉදිරිපස වෙරළ තීරයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්රීයාවට නැංවීමට 2025 ජනවාරි මස 28 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
28 Jan 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගැනීම, 2025 ජනවාරි මස 26 වැනි දින බහරේන් රාජ්‍යයේ මැනමා නුවර පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකා මූලස්ථානයේදී සිදු කෙරිණි.
28 Jan 2025
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
27 Jan 2025