නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ රණවිරුවන් වෙනුවෙන් ජල චිකිත්සක තඨාකයක් ඉදිකිරීම සඳහා ආධාර පිරිනමයි
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ කවුන්සිලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් බෙන්ඩිගෝ හි අටීෂා බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් ඇතුළු කණ්ඩායමක් 2025 ජනවාරී මස 09 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර, රණක්ෂිතයට පත්ව, නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ජල චිකිත්සක තඨාකයක් ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම එහිදී එම නියෝජිත පිරිස විසින් සිදු කෙරිණි.
ඒ අනුව, දිනේෂ් වීරක්කොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණක්ෂිතයට පත් නාවික හමුදා රණවිරුවන්ගේ සුවදුක් විමසා, ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ජල චිකිත්සාව සඳහා වූ තඨාකයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන දෙකක (02) මූල්‍යාධාරයක් නාවික හමුදා සුභසාධන අංශය වෙත ලබාදීම, සිදු කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි මාලා ළමාහේවා මහත්මිය වෛද්‍ය හේතූන් මත මියගිය සහ ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ නාවිකයින් දෙදෙනෙකුගේ දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් පරිගණක පරිත්‍යාගයක්ද එහිදි සිදු කෙරුණු එම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික), බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.