ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සහ නාවික හමුදා විනයාරක්ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව අද (2025 ජනවාරි 16) තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය ඉදිරිපස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ සියළුම වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව අද (2025 ජනවාරි 16) සිදු කෙරුණු මෙම වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන යටතේ, තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය ඉදිරිපස වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් හා ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලි කසල විශාල ප්‍රමාණයක් එක්රැස්කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.