බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද (2025 ජනවාරි 24) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව බටහිර නාවික විධානය වෙත රියර් අද්මිරාල් චන්දිම සිල්වා පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නාවික සම්ප්‍රදායානුකූලව බටහිර නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.