පාකිස්තානු නාවික විද්‍යාපීඨයේදී විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් හට නියෝජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය තුමන් වෙතින් විශේෂ ඇගයීමක්
පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූරණ කර, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් අද (2025 ජනවාරි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සමඟ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අනුයුක්තව, පාකිස්තානයේ කරච්චී හී, පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූරණ කර, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීම සම්බන්ධයෙන් ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් එහිදී මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් ගේ දක්ෂතාවය අගයමින් මව්බිමට හිමිකරදුන් කීර්තිය වෙනුවෙන් සුභාසිංශන පිරිනැමීම සිදු කෙරිණි.
තවද, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ද සහභාගී විය.