නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද දින (2025 ජනවාරි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නැගෙනහිර නාවික විධානය වෙත රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ වැඩ බලන ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.