ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 ජනවාරි 31) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Multirole Light Frigate වර්ගයට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, දිගින් මීටර් 95ක් හා නැව්මුළුව 111ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain (N) DEDI GUNAWAN WIDYATMOKO කටයුතු කරනු ලබයි.
තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘KRI BUNG TOMO - 357’ 2025 පෙබරවාරි මස 01 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.