වැදගත් සිදුවීම්
යාපනය වැල්වැටිතුරෛ චිතම්බරා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් යාපනය, වැල්වැටිතුරෛ චිතම්බරා විද්‍යාලය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 පෙබරවාරි මස 26 වැනි දින සිදු කෙරිණි.
27 Feb 2025
ජනපති සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි.
26 Feb 2025
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය වෙතින් සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය වෙතින් නාවික හමුදාධිපති වෙත උපහාර දක්වයි

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම වෙනුවෙන්, උපහාර දැක්වීමක් 2025 පෙබරවාරි මස 25 වැනි දින එම විද්‍යාල පරිශ්‍රයන්හිදී සිදු කෙරිණි. එම විද්‍යාලයන්ගේ ආදි සිසුන්, ගුරු බවතුන් සහ සිසු දරු දැරියන් විසින් සංවිධානය කෙරුණු එම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියද එක් විය.
26 Feb 2025
මැදවච්චිය අඟුනොච්චිය විද්‍යාලය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහනට අනුව නාවික හමුදා ප්රජාසත්කාරක දායකත්වය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය අඟුනොච්චිය විද්‍යාලය පිරිසිදු කිරීම 2025 පෙබරවාරි මස 24 වැනි දින සිදු කෙරිණි.
25 Feb 2025
“පිරිසිදු වෙරළ තීරයක්-ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වෙනුවෙන් නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව ක්‍රියාත්මක “පිරිසිදු වෙරළ තීරයක්-ආකර්ශණීය සංචාරක ගමනාන්තයක්” වැඩ සටහන යටතේ දකුණු, උතුරු, වයඹ සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කෙරුණු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් සඳහා 2025 පෙබරවාරි මස 22 සහ 23 යන දෙදින ප්‍රජා සත්කාර දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
24 Feb 2025
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටවෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හුදලියාව, දිගන්නෑව ග්‍රාමයේ ස්ථාපනය කෙරුණු 1082 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 22 වැනි දින සිදු කෙරිණි.
23 Feb 2025
මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් 12 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 03/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දොලොස් දෙනෙකු (12) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද (2025 පෙබරවාරි 22) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
22 Feb 2025
නාවික හමුදා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් වාහල්කඩ ඩී 2 විද්‍යාලය අලුත්වැඩියා කෙරේ

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩ ඩී 2 විද්‍යාලය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම අද (2025 පෙබරවාරි 22) සිදු කෙරිණි.
22 Feb 2025
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පඩුවස්නුවර හල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බරම්පොල හල්මිල්ලවැව ග්‍රාමයේ ස්ථාපනය කෙරුණු 1081 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 21 වැනි දින සිදු කෙරිණි.
22 Feb 2025
නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 16ක් වෙත පත්වීම් ලිපි ප්රදානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා වෙත 2024/03 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් දහසය දෙනෙකු (16) වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීම, අද (2025 පෙබරවාරි 21) නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
21 Feb 2025