ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ Multirole Light Frigate වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 පෙබරවාරි 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරී Captain (N) DEDI GUNAWAN WIDYATMOKO, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා සමඟ නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සමඟ නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේදී 2025 ජනවාරි මස 31 වැනි දින පැවැත්වීමට කටයුතු කෙරිණි.

තවද, ‘KRI BUNG TOMO - 357’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට කටයුතු කෙරිණි.