ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 05) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Frigate වර්ගයට අයත් ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව, දිගින් මීටර් 144ක් හා නැව් මුළුව 199 දෙනෙකු ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ALBERTO BARTOLOMEO කටයුතු කරනු ලබයි.
එමෙන්ම, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ සහ ගාල්ල ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇත.
තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘ANTONIO MARCEGLIA’ නෞකාව 2025 පෙබරවාරි මස 07 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු අභ්‍යාසයක නිරතවීමටද නියමිතව ඇත.