“පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතිය යටතේ වෙරළ සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 පෙබරවාරි මස 15 වැනි දින සහ අද (2025 පෙබරවාරි 16) බස්නාහිර, ගිණිකොන සහ නැගෙනහිර යන පළාත් තුළ ආරම්භ කෙරුණු වෙරළ පිරිසිදු කිරීම සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම යන වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදීම සිදු කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ සියළුම වෙරළ ප්‍රදේශ සහ සංචාරක ආකර්ෂණිය ස්ථාන ආවරණය වන පරිදි පවිත්‍රතා වැඩසටහන් සඳහා දායකත්වය දක්වනු ලබයි.
ඒ අනුව, 2025 පෙබරවාරි මස 15 වැනි දින බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් දියත උයන, දියවන්නා ඔය අසබඩ භූමි ප්‍රදේශය, සහ අද (2025 පෙබරවාරි 16) ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය මඟින් පානම, ආරුගම්බේ, ඔකඳ, මරුතමුනෙයි, පෙරියනීලවනයි, කල්මුනෙයිකුඩ්ඩි සහ කල්මුණේ යන වෙරළ ආශ්‍රීතව රජය විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය මෙලෙස ලබාදීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
ඒ අනුව, මෙම වැඩසටහන මඟින් වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් හා ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලි කසල විශාල ප්‍රමාණයක් එක්රැස්කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
තවද, අද (2025 පෙබරවාරි 16) නැගෙනහිර නාවික විධානය මඟින් සැන්ඩිබේ වෙරළ තීරය, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර සහ පැරකුම්බා ආයතන මඟින් එම ආයතන වලට අයත් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණි.