නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සිරස ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහනේ අනුග්‍රහය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පරසන්ගස්වැව නිග්‍රෝධාරාම විහාරයේ ස්ථාපනය කෙරුණු 1080 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අද (2025 පෙබරවාරි 16) සිදු කෙරිණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජලය ලීටර් 10000ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, එමඟින් අනුරාධපුරය, පරසන්ගස්වැව ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තවද, මෙම අවස්ථාව සඳහා සිරස ගම්මැද්ද වැඩසටහනේ මහත්ම මහත්මීන් පිරිසක් සහ නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.