ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 16 වැනි දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2025 පෙබරවාරි 17) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

තවද, ‘KRI BUNG TOMO - 357’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා එක් වූහ.