ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේද ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany අද (2025 පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම නිල හමුවේදී, ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක විසින් 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.