ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ගරු තානාපතිවරිය නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි චන්ග් (Julie Chung) මැතිණිය අද (2025 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය විසින් 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් ජෙසිකා වී ද මොන්ට් (Jessica V. De Mont) ද සහභාගී වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.