නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පඩුවස්නුවර හල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බරම්පොල හල්මිල්ලවැව ග්‍රාමයේ ස්ථාපනය කෙරුණු 1081 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 21 වැනි දින සිදු කෙරිණි.

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජලය ලීටර් 10000ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, එමඟින් පඩුවස්නුවර, හල්මිල්ලවැව ග්‍රාමය ආශ්‍රිතව ජීවත්වන මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.