නාවික හමුදාධිපති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර නිල හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 පෙබරවාරි 28) නිල හමුවක් සඳහා කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් පත්වීම සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ විසින් සිය සුභපැතුම් පිරිනමන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී නාවික හමුදාධිපති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ වෙත සමරු තිළිණයක් පිරිනමන ලද අතර, එහිදී ‘අධිෂ්ඨානය හැරවුම් ලක්‍ෂය’ ග්‍රන්ථයෙහි පිටපතක් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ විසින් නාවික හමුදාධිපති වෙත පිරිනැමීමද සිදුකෙරිණි.