වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චමින්ද ජයපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චමින්ද ජයපාල අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
24 Jan 2024
රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් මංජුල දිසානායක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
24 Jan 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චන්දන රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චන්දන රත්නායක අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
24 Jan 2024
කොමදෝරු අනිල් බෝවත්ත නාවික හමුදා වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු අනිල් බෝවත්ත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2024 ජනවාරි 23) නාවික හමුදා මූලස්ථානයේ, අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
23 Jan 2024
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද දින (2024 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
22 Jan 2024
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ජනවාරි මස 21 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
22 Jan 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන කිලෝමීටර් 586.1 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ නැවත පූනෑව දක්වා ගමන් කර, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 19 වන දින සමත් විය.
20 Jan 2024
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින් නවරත්න වැඩ භාර ගනී

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින් නවරත්න අද දින (2024 ජනවාරි 19) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
19 Jan 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න අද දින (2024 ජනවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
16 Jan 2024
කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ සිව්වන දිනය සාර්ථකව අවසන් කරයි

දින 08 ක් තුල කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින වව්නියාවෙන් පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 15 වන දින සන්ධ්‍යාව වන විට පා ගමනේ සිව්වන දිනය කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් සාර්ථකව අවසන් කෙරිණි.
16 Jan 2024