වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් එම් ආනන්ද් (M Anand) නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

22 Jan 2025

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා ඇතුළු දූත පිරිසක් 2025 ජනවාරි මස 20 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින්, එම විධානයේ වැඩ බලන ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා හමුවිය.

22 Jan 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කළ ජල පිරිපහදු මධ්‍යස්ථාය ජනතා අයිතියට පත්කෙරේ

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ MAS සමූහ ව්‍යාපාරයට අයත් බොඩිලයින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වය මත ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කෙරුණු 1077 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක හිමිපානන් ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ බොඩිලයින් සමාගමේ අධ්‍යක්‍ෂිකා සයිනි සෙනරත් මෙනවියගේ සහභාගීත්වයෙන් අද (2025 ජනවාරි 21) සිදු කෙරිණි.

21 Jan 2025

ශ්‍රී ලංකා නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සංවිධායකත්වයෙන් තවත් ගවේෂණාත්මක කඳු නැගීමේ අභ්‍යාසයක් සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතය 2025 ජනවාරි මස 16 වැනි දින සිට 18 වැනි දින දක්වා ස්වභාවික සෞන්දර්යයෙන් හා මනස්කාන්ත පරිසර පද්ධතියකින් සමන්විත වූ, සුන්දර මධ්‍යම කඳුකරයේ කළුපහන ප්‍රදේශයේ; බඹරකන්ද, වැලි වංගුව සහ ඔහිය සුප්‍රසිද්ධ යකාගේ පඩිපෙළ ඇතුළු වඩාත් අභියෝගාත්මක සහ මනරම් භූමි ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් සංවිධානය කෙරුණු ත්‍රාස්‍යජනක කඳු නැගීමේ ගවේෂණ චාරිකාවක් සාර්ථකව අවසන් කෙරිණි.

20 Jan 2025

නාවික හමුදාව මඟින් මැදිරිගිරිය කවුඩුල්ල මහා විද්‍යාලයෙහි ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථාය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ, පෙරේරා සහ පුත්‍රයෝ බේකර්ස් (පුද්ගලික) සමාගමේ මූල්‍ය දායකත්වය මත පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ පො/කවුඩුල්ල මහා විද්‍යාලයෙහි ස්ථාපනය කෙරුණු 1076 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අද දින (2025 ජනවාරි 17) සිදු කෙරිණි.

17 Jan 2025

නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමිය බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජනවාරි 16) සිය ප්‍රථම නිල හමුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය බැහැදැකීමට කටයුතු කෙරිණි.

16 Jan 2025

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සහ නාවික හමුදා විනයාරක්‍ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව අද (2025 ජනවාරි 16) තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය ඉදිරිපස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

16 Jan 2025

නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජනවාරි 16) සිය ප්‍රථම නිල හමුවීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක නිල කාර්යාලයේදී, ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.

16 Jan 2025

74 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ගිණිකොන නාවික විධානයේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 15 වැනි දින ගිණිකොන විධාන නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ‍රිණි.

15 Jan 2025

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ 2024 දෙසැම්බර් මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නිල වශයෙන් අද (2025 ජනවාරි 15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

15 Jan 2025