වැදගත් සිදුවීම්

පාකිස්තානු නාවික විද්‍යාපීඨයේදී විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් වෙත විශේෂ ඇගයීමක්

පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි මස 04 වැනි දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට සමත් විය. එම ජයග්‍රහනය ඇගයීමට ලක් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් වෙත ඊයේ දින (2025 ජනවාරි 06) නාවික හමුදා මුලස්ථානයේදී, ප්‍රශංසාත්මක ලිපියක් පිරිනමන ලද අතර, අද (2025 ජනවාරි 07) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් ලබා ගත් ජයග්‍රහනය තුලින් මව්බිමට අත්කර දුන් කීර්තිය සහ ත්‍රිවිධ හමුදා පුහුණූ වන නිලධාරීන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවට ලබාදුන් වටිනා ආදර්ශය අගයමින් සුභාසිංශන පිරිනැමිම සිදු කෙරිණි.

07 Jan 2025

රාජකීය ලංකා නාවික හමුදාවේ සේවය කළ අභාවප්‍රාප්ත සුළු නිලධාරී අරුලානන්දම් මාරියම්පිල්ලේ ගේ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව යාපනය කයිට්ස් දූපතේදී

රාජකීය ලංකා නාවික හමුදාවට අනුයුක්තව රාජකාරි කර විශ්‍රාමිකව සිටි සුළු නිලධාරී අරුලානන්දම් මාරියම්පිල්ලේ ජ්‍යේෂ්ඨ නාවිකයා 2024 දෙසැම්බර් මස 31 වැනි දින අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු 2025 ජනවාරි මස 02 වැනි දින යාපනය කයිට්ස් දූපතේදී නාවික හමුදා ගෞරව සහිතව, සිදු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.

03 Jan 2025

නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවීමක් සඳහා අද (2025 ජනවාරි 02) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.

02 Jan 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී 2025 වර්ෂයේ රාජකාරි අරඹයි

නාවික හමුදා මුලස්ථානයේ සහ සියළුම නාවික හමුදා ආයතන හා නෞකාවන්ගේ අද උදෑසන (2025 ජනවාරි 01) ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනයෙන් අනතුරුව, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ සජිවි විකාශනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව “ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී, උදා වූ 2025 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි.

01 Jan 2025

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනියි

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (2025 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

01 Jan 2025