වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති අති උතුම් කාදිනල් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී .

03 Feb 2025

නාවික හමුදාධිපති අමරපුර මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 පෙබරවාරි මස 01 වැනි දින බලංගොඩ, ශ්‍රී ධර්මානන්ද විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක වැඳ නමස්කාර කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.

03 Feb 2025

නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී

නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට 2025 පෙබරවාරි මස 04 වැනි දින මධ්‍යහ්න 1200 පැයට සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත.

03 Feb 2025

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද (2025 පෙබරවාරි 03) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

03 Feb 2025

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවේ Frigate (Modified Hamilton Class High Endurance Cutter) වර්ගයට අයත් නෞකාවක් වන ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව, නිල සංචාරය නිම කරමින් අද (2025 පෙබරවාරි 02) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

02 Feb 2025

නාවික හමුදාව ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකය සඳහා ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම, අද (2025 පෙබරවාරි 01) සිදුකෙරිණි.

01 Feb 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ Multirole Light Frigate වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 පෙබරවාරි 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

01 Feb 2025

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

01 Feb 2025