වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 අප්‍රේල් මස 03 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියද සහභාගී විය.
05 Apr 2021
නාගදීප රජමහා විහාරයේ ඉදිකළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයේ ඉදි කළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සහභාගීත්වයෙන් අද (2021 අප්‍රේල් 03) විවෘත කරන ලදි.
03 Apr 2021
හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ අභිනව ධාතු මන්දිරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

මුල්ලේරියාව, හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම අද (2021 අප්‍රේල් 02) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
02 Apr 2021
හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ අළුත්වැඩියා කිරීම් සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය මිරාන් සල්ගාදු මහතාගේ මූල්‍ය දායකත්වයෙන් හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද ළමා ක්‍රීඩා පිටිය සහ අළුත්වැඩියා කරන ලද අනෙකුත් ස්ථාන විවෘත කර සිසු අයිතියට පත් කිරීම 2021 මාර්තු 29 වන දින සිදු කෙරිණි.
01 Apr 2021