වැදගත් සිදුවීම්
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
14 May 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, කඩකාරච්චෙනායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
14 May 2019
නාවික හමුදාව වෙරුගල් ආරු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 11 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, වෙරුගල් ආරු ප්‍රදේශයෙදී අඩි 75 දිගැති තහනම් ධීවර දැල් 11 සොයා ගැනීමට සමත්ව ඇත.
14 May 2019
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා ඊයේ (මැයි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
14 May 2019
ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

එළඹෙන මැයි 18 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝය දින නිමිති කර ගනිමින් ඊයේ (මැයි 12) නාවික හමුදා සාමාජිකයින් විසින් මොරටුව, ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට එක් විය.
13 May 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 12) පොල්මල්කුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත.
13 May 2019
ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධිවර යාත්‍රා 02 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 12) ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධීවර යාත්‍රා දෙකක් (02) සොයා ගෙන ඇත.
13 May 2019
තලෛයිමන්නාරම වැලි පර අතර සිරවි අනතුරට පත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා නාවික හමුදා සහාය

තලෛමන්නාරමට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ වැලි පර අතර සිරවි අනතුරටපත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා අද (මැයි 12) නාවික හමුදා සහාය ලබා දෙන ලදි.
12 May 2019
ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ ඇමෙරිකානු වෙරළාරක්ෂක ‘ෂර්මන්’ නෞකාව කොළඹ වරායට

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (මැයි 12) කොළඹ වරායට සේන්දු වෙයි.
12 May 2019
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති පිළිගැනීමේ උත්සවය කොළඹදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන පිළිගැනීමේ උත්සවය ඊයේ (මැයි 11) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
12 May 2019