වැදගත් සිදුවීම්
මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මරුදමුනායි, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අගෝස්තු, 11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නින්දවුර් ප්‍රදේශයේදි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.
12 Aug 2017
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්

අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (11) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික රණවිරුවෙකු වූ ලුතිනන් උදය ඕවිටිගල මහතාගේ බිරිද වෙත ප්රදානය කෙරිණි.
11 Aug 2017
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු,10) පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
11 Aug 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අගෝස්තු 11) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එලුතූර් මන්සංදියේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.
11 Aug 2017
ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා නව කාර්යාලය විවෘත කෙරේ

නාරා ආයතනය තුළ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලය අද (අගෝස්තු 10) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
10 Aug 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මඟින් ඊයේ (අගෝස්තු 09) රාත්‍රී සහ අද අළුයම් කාල සීමාවේදී ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.
10 Aug 2017
ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධීවරයින් දෙදෙනෙකු (02) නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු (02) යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද (අගෝස්තු, 09) දින සිදු කෙරිණි.
09 Aug 2017
චීන නාවික හමුදා රෝහල් නෞකාව ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 06 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාව අද (අගෝස්තු 09) උදෑසන කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමු දෙන ලදී.
09 Aug 2017
අනතුරට පත් යාත්‍රාවක සිටි ධීවරයින් 6 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදු ප්‍රදේශයේ අනතුරකට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ ‘දිනූ පුතා 1’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (අගෝස්තු 09) අළුයම කටයුතු කරන ලදී.
09 Aug 2017
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 09) උදෑසන නච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
09 Aug 2017