වැදගත් සිදුවීම්
දේශීය ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 21 වන දින පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
22 Sep 2019
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය හා එක්ව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙරළ ආශ්රිත පරිසර පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
21 Sep 2019
නාවික හමුදා මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1616 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 දින ඉරණතිව් දූපත ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
21 Sep 2019
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින පුල්මුඩේ, කෝකිලායි කලපු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.
21 Sep 2019
වත්තල, හේකිත්ත ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා 2019 සැප්තැම්බර් 20 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
21 Sep 2019
ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සොයා ගැනීමට සමත් වී ඇත.
21 Sep 2019
ඉන්ධන නෞකාවක තුවාල ලැබූ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

පෞද්ගලික සමාගමකට අයත් ඉන්ධන නෞකාවක සේවය කරමින් සිටි තුවාල ලැබු නාවිකයෙකු 2019 සැප්තැම්බර් 19 වන දින කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
20 Sep 2019
කපිතාන් (අවි) උදය කුමාරසිංහ ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ අද (සැප්තැම්බර් 19) වැඩ භාර ගන්නා ලදී.
19 Sep 2019
‘අපි වෙනුවෙන් අපි’ සහ ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්රදානය කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘අපි වෙනුවෙන් අපි’ සහ ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 170 දෙනෙකු හට ප්‍රේශණ පත් ප්රදානය කිරීම අද (2019 සැප්තැම්බර් 19) සිදු කෙරුණි.
19 Sep 2019
අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ හට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලය ප්රදානය කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලයෙහි අභිෂේක ගැන්වීමේ උත්සවය අද (2019 සැප්තැම්බර් 19) කොළඹ වරාය පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
19 Sep 2019