වැදගත් සිදුවීම්
යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා නාවික හමුදාව මගින් තවත් මුහුදු සංචාරයක්

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 169 දෙනෙකු සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව 2020 සැප්තැම්බර් 06 වන දින කටයුතු කෙරිණි.
07 Sep 2020
යාපනය කයිට්ස් දූපතේ රුක්රෝපණ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වේ

යාපනය කයිට්ස් දිසා විනිසුරු විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් කයිට්ස් අලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 සැප්තැම්බර් මස 05 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදි.
07 Sep 2020
සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් හට නාවික හමුදාව මගින් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව ප්‍රධානොත්සවයක් අධ්යක්ෂ ජෙනරාල් පුහුණුගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් මස 04 වන දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
05 Sep 2020
රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල අද (2020 සැප්තැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
04 Sep 2020
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
03 Sep 2020
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩීඒ අශ්මන් අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
03 Sep 2020
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ මැතිනිය අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
02 Sep 2020
රියර් අද්මිරාල් කුමාර සේනාධීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 28 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් කුමාර සේනාධීර අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
02 Sep 2020
නාවික හමුදාධිපතිතුමන් වයඹ නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 අගෝස්තු මස 29 සහ 30 දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය.
01 Sep 2020
නාවික හමුදාව මගින් යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා මුහුදු සංචාරයක්

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සඳහා උතුරු මුහුදේ මුහුදු සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය 2020 අගෝස්තු 30 දින කටයුතු කෙරිණි.
01 Sep 2020