වැදගත් සිදුවීම්
කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 08 වන දින චුන්ඩිකුලම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් අසූ තුනක් (83) ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
09 Nov 2019
දේශිය ගංජා කිලෝග්‍රෑම් තුනක් (3) ක් ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 නොවැම්බර් 08 වන දින රන්න, ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය ගංජා කිලෝග්‍රෑම් තුනක් (3) සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
09 Nov 2019
මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 08) පුත්තලම කරෙයිතිව් මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
08 Nov 2019
රියර් අද්මිරාල් කපිල සමරවීර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කපිල සමරවීර අද ( නොවැම්බර් 08) උදැසන නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ ආරම්භ කරන ලදී.
08 Nov 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 904.6 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 08) තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී පාර්සල් 21 ක අසුරා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 904.6 ක් සොයා ගෙන ඇත.
08 Nov 2019
නව සේවා අභිමානී පදක්කම සහ සේවා පදක්කම පිරිනැමීමේ සංකේතාත්මක නිල උත්සවය අකුරේගොඩ නව යුධ හමුදා මුලස්ථානයේදී

ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයන් විසින් රටේ ආරක්ෂාව සඳහා සිදුකරන සේවය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පිරිනමන නව සේවා අභිමානී පදක්කම සහ සේවා පදක්කම සංකේතාත්මකව පැලදීමේ නිල උත්සවය අද (නොවැම්බර් 08) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ නව යුධ හමුදා මුලස්ථානයේදී පැවැත්විය.
08 Nov 2019
මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ පතොරම් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ එරාවුර් පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව එරාවුර් ප්‍රදේශයේ දී 2019 නොවැම්බර් 07 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි පතොරම් තොගයක් සොයා ගෙන ඇත.
08 Nov 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් දෙනෙකු(13) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 07 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා බාරයට ගෙන ඇත.
08 Nov 2019
හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී 2019 නොවැම්බර් 07 වන දින රඹෑව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 980 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
08 Nov 2019
සංහිඳියා ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කයිට්ස් දුපතේ නාරන්තනායි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ල 2019 නොවැම්බර් 07 වන දින කයිට්ස්, ප්‍රාදේශිය ලේකම්, මන්චුලාදේවි සතීසන් මහත්මිය විසින් විවෘත කෙරුණි.
08 Nov 2019