වැදගත් සිදුවීම්

මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන් 27 දෙනෙකු විසිර යති

නාවික හමුදා මැරීන් බළකායේ නවවන (09) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් හත් දෙනෙකු (07) සහ නාවිකයින් විසි දෙනෙකු (20) හට ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් සංජීව කොඩිකාර ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, 2024 නොවැම්බර් මස 19 වන දින ත්‍රීකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරිණි.

19 Nov 2024

‘USS Spruance’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 නොවැම්බර් මස 18 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (2024 නොවැම්බර් 19 දින) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරුණු අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.

19 Nov 2024

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 නොවැම්බර් මස 17 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද (2024 නොවැම්බර් 19 දින) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

19 Nov 2024

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්‍ෂක පාඨමාලාවේ ‍උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හතලිස් එක් දෙනෙකු (41) වෙත උපාධි ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල “FGS” ශ්‍රවණාගාරයේදී, 2024 නොවැම්බර් මස 18 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

18 Nov 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 18 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

18 Nov 2024

‘USS Michael Murphy’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 නොවැම්බර් මස 16 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (2024 නොවැම්බර් 17 දින) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරුණු අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.

17 Nov 2024

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

17 Nov 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 16 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

16 Nov 2024

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් අද (2024 නොවැම්බර් 15 දින) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

15 Nov 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන අද (2024 නොවැම්බර් 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

15 Nov 2024