වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 16 වන දින සේරුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
17 Dec 2019
නාගදීපය සිට ශ්‍රීපාදය තරණයකර කිරිවෙහෙරට පා පිය සටහන් තබන අධිෂ්ඨානයේ පාද යාත්‍රාව

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් දෙදෙනා හට නාවික හමුදාව සිය දායකත්වය ලබාදීමට කටයුතු කර ඇත.
17 Dec 2019
රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය 2019 දෙසැම්බර් 16 වන දින ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
17 Dec 2019
237 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 422 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 237 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 422 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2019 දෙසැම්බර් 16 වන දින විසිර යන ලදී. පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහභාගී විය.
17 Dec 2019
තහනම් දැල් භාවිතය වලකා මත්ස්‍ය සහ සාගර සම්පත් රැක ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 16 වන දින මඩකළපුව, කළපුව ආශ්රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
17 Dec 2019
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වන උපාධි ප්රදානෝත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වන උපාධි ප්රදානෝත්සවය 2019 දෙසැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
17 Dec 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 15 වන දින ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් සොයා ගෙන ඇත.
16 Dec 2019
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 15 වන දින මෝදර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී දේශීය ගංජා ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත.
16 Dec 2019
මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 15 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.
15 Dec 2019
නීල හරිත සංග්‍රාමය - වෙරළ පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීමේ නාවික හමුදා මෙහෙයුම

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 14 වන දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.
15 Dec 2019