වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට උතුරු දෙසින් සහ කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (5) අත්අඩංගුවට ගන්නා ලදී.
06 Mar 2016
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු අද (5) අළුයම 02.30ට පමණ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 40ක පමණ දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරනිමල නෞකාව මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ම
05 Mar 2016
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය ප්රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්රදානය කිරීමේ තෙවන අදියර වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී අද (4) සිදු කෙරිණි. නාවික හමුදාධිපතිතුමන්ගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්රදානය කිරීම සිදුවිය.
04 Mar 2016
ලාංකික ධීවරයින් තිදෙනෙක් සහ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, සිලාවතුර “ථේරපුත්ත” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් පසුගිය අඟහරුවාදා (2) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
04 Mar 2016
පරෙවි දූපත අසල අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, නිලාවේලි, පරවි දූපත අසල මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු “විජයබා” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් මාර්තු 2 සහ 3 යන දිනයන් හි අත්අඩංගුවට ගන්නා ලදී.
04 Mar 2016
“ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් “ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී, කපිතාන් (පලමු නිලය) සර්ගෙයි වී ඉග්නැටෝව් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩෙනිස් ඒ බර්ග්ස් මහතා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
03 Mar 2016
රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නැමැති මුදවාගැනීමේ නෞකාව සුහද චාරිකාවාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
03 Mar 2016
උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අත්අඩංගුවට

කරෙයිනගර් කෝවිලන් තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (2) අත්අඩංගුවට ගන්නා ලදී.
03 Mar 2016
නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට අනුයුක්තව සේවය කරන නායක නැවි සුනන්ද ජයලත් වෙත නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කිරීම අද (2) නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි.
02 Mar 2016
කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ආරාධිතයකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද (01) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
02 Mar 2016