වැදගත් සිදුවීම්
නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.
28 Nov 2017
ජාතික ප්රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකා ජාතික ප්රවීණයන්ගේ මේස පන්දු සංගමය මඟින් සංවිධානය කරන ලද ප්රවීණයන්ගේ ජාතික මේස පන්දු තරඟාවලිය ඊයේ (නොවැම්බර් 25) ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්වුණු අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා ප්රවීණයන්ගේ මේස පන්දු කණ්ඩායමට හැකියාව ලැබිණි.
26 Nov 2017
ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්

ඩයගොල් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් අතර පැවති තරඟය ඊයේ (නොවැම්බර් 25) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ලකුණු 31 ට 24 ක් වශයෙන් පොලිස් කණ්ඩායම පරාජයට පත් කරමින් නාවික හමුදා රග්බි පිල සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී.
26 Nov 2017
හෑෂ් කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 25) රාත්‍රී තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
26 Nov 2017
මූලික සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 33 දෙනෙක් විසිර යයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කිමිදුම් පුහුණු පාසල මඟින් පවත්වන ලද මූලික සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ ත්‍රිවිධ හමුදා පුද්ගලයින් 33 දෙනෙකු ඊයේ (නොවැම්බර් 24) විසිර ගියහ.
25 Nov 2017
තහනම් පොහොර කිලෝග්‍රෑම් 710 ක් සමඟ ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 25) අළුයම මන්නාරම ප්‍රදීපාගාරයට දකුණු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් (Dhow) අත්අඩංගුවට ගන්නා ලදී.
25 Nov 2017
67 වන නාවික දිනය නිමිත්තෙන් ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඊයේ (නොවැම්බර් 24) කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්විණි.
25 Nov 2017
නාවික නිලධාරීන් 10 දෙනෙකු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි ලබා ගනී

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් උපාධිය හදාරන ලද නාවික නිලධාරීන් 10 දෙනෙකු පසුගිය නොවැම්බර් මස 20 වන දින කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලැබූ සිය උපාධි හිමි කර ගන්නා ලදී.
24 Nov 2017
නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය.
23 Nov 2017
නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 23) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
23 Nov 2017