වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 13) කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවී ආශිර්වාද ලබා ගන්නා ලදී.
13 Sep 2017
දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනේ

නුවරඑළිය, ග්‍රෙගරි වැවේහි ජේට් ස්කයි (Jet Ski) යාත්‍රා පදවමින් සිටියදී එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුරට පත්ව දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (සැප්තැම්බර් 12) සමත් විය.
13 Sep 2017
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය පිළිගැනීම අද

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත් වු ගරු තිරුණි සින්නයියා මැතිණිය පිළිගැනීම අද (සැප්තැම්බර් 12) දින නාවික හමුදා මුලස්ථානයේදි සිදුවිය.
12 Sep 2017
නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාවක් වැලිසර දී

නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලවක් ඊයේ (2017 සැප්තැම්බර් 12) වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදි ආරම්භ විය.
12 Sep 2017
නාවික හමුදාධිපතිතුමන් මඩු දේවස්ථානය වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ එතුමන්ගේ බිරිඳ තිරුනි සින්නයියා මැතිණිය පසුගිය සැප්තැම්බර් මස 10 වන දින මන්නාරම මරද මඩු දේවස්ථානය වැඳ පුදා ගන්නා ලදී.
12 Sep 2017
තුර්කි ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ආරක්ෂක උපදේශක, කර්නල් කේමල් කරමන් මහතා අද (සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
12 Sep 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 11) වන දින නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
12 Sep 2017
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන, ක්ලැයිරී මේට්රවුඩ් මහත්මිය අද (සැප්තැම්බර්11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
11 Sep 2017
‘Gympo - 2017’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කරන 'සැපර්ස් ජිම්පෝ' මොටෝක්‍රොස් 4x4 ශූරතා තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 10) ඇඹිලිපිටිය තුංකම ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසැල් ධාවන පථයේදී පැවැත්විණි.
11 Sep 2017
ජාතික ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යාමට නාවික හමුදා දායකත්වය

43 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමීව ජාතික ඔලිම්පික් ගිණි සිළුව දිවයින පුරා රැගෙන යාම පසුගිය දින කීපය තුළදී සිදු කෙරිණි.
11 Sep 2017