වැදගත් සිදුවීම්
අධික වටිනාකමින් යුත් රත් හදුන් කිලෝග්‍රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ අධික වටිනාකමකින් යුත් රත් හදුන් කිලෝග්‍රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
23 Apr 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව වත්තල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අද (22) කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
22 Apr 2017
මැරයිනස් භෝජනාගාරය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඉදිකොට ඇති නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනට යාබදව, අභිනවයෙන් ඉදිකරන ලද මැරයිනස් භෝජනාගාරය අද (21) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.
21 Apr 2017
අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාලය විවෘත කෙරේ

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාලය විවෘත කිරීම අද දින (20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරුණි.
20 Apr 2017
වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13.2 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, කොඩ්ඩියාර් ධීවර වරායට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිදු කළ සෝදිසි කිරීමකදී එම වරායේ නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13.2 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
20 Apr 2017
අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (20) කටයුතු කරන ලදී.
20 Apr 2017
සුළු නිලධාරී ඩබ්ජී වික්රමසූරියගේ රෝගාතුර දියණිය කෙරෙහි නාවික හමුදාවේ අවධානය

නාවික හමුදාවේ සේවයේ නියුතු සුළු නිලධාරී ඩබ්ජී වික්‍රමසූරිය මහතාගේ දියණිය දීර්ඝ කාලීන රෝගාතුර තත්වයේ පසුවන බැවින්, ඇයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සිදු කර ගැනීමේදී සහ ඇයගේ දෛනික කටයුතු සිදු කර ගැනීමේදී ඔවුන් මහත් අපහසුතාවයට පත් ව තිබුණි.
20 Apr 2017
හෙරොයින් ග්‍රෑම් 1.2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (19) පමුණුගම ප්‍රදේශයේදී යතුරු පැදියක් මගින් රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 1.2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී.
20 Apr 2017
ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) නාලිකා තුෂාන්ති පෙරේරා විසින් නාවික හමුදාවට රු. 341,470 ක මූල්‍යමය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සේවය කොට විශ්‍රාම ගෙන සිටින ලුතිනන් කොමාණ්ඩර් ඒඒ නාලිකා තුෂන්ති පෙරේරා මහත්මිය විසින් රුපියල් 341,470. 00 ක මුදලක් නාවික හමුදා සමාජ සත්කාරක සුභ සාධන අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.
19 Apr 2017
විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දූෂණ මර්ධණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (19) කුරුදුවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
19 Apr 2017