වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 151.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) උතුරු මුහුදේදී අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 22) සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 151.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
23 Oct 2018
ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව ඊයේ (ඔක්තෝබර් 20) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
21 Oct 2018
නාවික හමුදා විරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්රතිලාභ රැසක්

ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබු ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්රතිලාභ ලබා දීමේ ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 18 වන දින කොළඹ, නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි.
20 Oct 2018
නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසර හොකී පිටියේදී නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය 2018 ඔක්තෝබර් මස 17 වන දින සිට 19 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
20 Oct 2018
ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඔක්තෝබර් 22 වන දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නව වන වරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලූ කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ඔක්තෝබර් මස 22 සහ 23 යන දිනයන්හිදි පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත.
18 Oct 2018
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පුත්තලම් දිස්ත්‍රික්කය තුළ හදිසි ආපදා කළමනාකරණයට පෙර දැනුම්දිමේ භූගෝලිය තොරතුරු පද්ධතියක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ හදිසි අපදා කමිටු රැස්විම පසුගිය ඔක්තෝබර් මස 15 වන දින වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගරයේදී පැවැත්විණ.
18 Oct 2018
05 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - වැලිසරදී

5 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය පසුගිය ඔක්තෝබර් 05 වන දින සිට 13 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පවත්වන ලදී.
17 Oct 2018
‘ගාලු කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය - 2018’ මාධ්‍ය දැනුවත් කිරීම

ගාලු කථිකාව - 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (ඔක්තෝබර් 16) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
16 Oct 2018
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 14 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

2018 වර්ෂයේ පලමු ඉඳුරාම බඳවා ගැනීමට අයත් තාක්ෂණික අංශයේ නිලධාරින් පස්දෙනෙකු (05) සහ ස්වේච්ජා අංශයට අයත් කාන්තා නිලධාරින් තිදෙනෙකු (03) ඇතුළුව නිලධාරින් නවදෙනෙකු (09) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර පසුගිය ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.
14 Oct 2018
සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සාගර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි

පසුගිය ඔක්තෝබර් 06 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ සුරනිමිල යන නෞකාවන් ඔක්තෝබර් 08 වන දින ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වූ අතර, එහිදි, නාවික සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාව එම නෞකාවන් පිලිගන්නා ලදී.
14 Oct 2018