වැදගත් සිදුවීම්
කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක මහතා අද (ජනවාරි 04) දින වැඩ භාර ගන්නා ලදී.
04 Jan 2018
මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් ඊයේ (ජනවාරි 03) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
04 Jan 2018
නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පූනරින් පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී කිලිනොච්චි, පල්ලිකුඩා ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ජීවී කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 Jan 2018
සඟවා තැබූ ගෝඩා බැරල් 3 ක් සොයා ගැනේ

නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වාකරෙයි පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී, වාකරෙයි පනිච්චන්කේනි ප්‍රදේශයේ සඟවා තැබූ තහනම් මත් පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ගෝඩා බැරල් 3 ක් සොයා ගන්නා ලදී.
04 Jan 2018
ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ගුවන් හමුදාවට භාර දෙයි

පසුගිය වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ජනවාරි මස 01 වන දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී.
03 Jan 2018
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 02) කල්පිටිය, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
03 Jan 2018
නාවික හමුදාව අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි

කොළඹ වරායට අයත් ‘Allfones’ යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයෙකු වෙනත් නෞකාවක් වෙත මාරු වීමට යාමේදී අනතුරකට ලක්ව තුවාල ලබා ඇති අතර, එම නාවිකයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 02) කටයුතු කරන ලදී.
02 Jan 2018
තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීමට කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

උදා වූ 2018 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.
02 Jan 2018
නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාවට ලද තොරතුරක් මත වැල්ලවත්ත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 01) වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අධික වටිනාකමකින් යුත් ටයිටන් වර්ගයේ වාලම්පුරියක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Jan 2018
නාවික හමුදාධිපතිතුමන් නව වසරේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මහත්මිය අද (ජනවාරි 01) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නා ලදී.
01 Jan 2018