වැදගත් සිදුවීම්
කේරළ ගංජා ගෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 14 වන දින යාපනය, චෙඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.
15 Dec 2019
ගාල්ල වරාය පිවිසුමේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගනී

ගාල්ල වරාය පිවිසුම් මුහුදේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට 2019 දෙසැම්බර් 14 වන දින නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.
15 Dec 2019
නාවික හමුදා යුදායුද ඉංජිනේරු තාක්ෂණයේ ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සතු 40 මිමි/එල්60 අවි පද්ධතිය හැසිරවිම පුද්ගල අධාරයෙන් සිදු වූ අතර, එම පද්ධතිය නාවික හමුදා යුදායුද ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රමය හරහා ස්වයංක්‍රියව ක්‍රියා කරවීමට කටයුතු කරන ලදී.
13 Dec 2019
විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 දෙසැම්බර් 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි
13 Dec 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 12 වන දින මන්නාරම, තොඩ්ඩවේලි ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 450 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
13 Dec 2019
ආරක්ෂක ලේකම් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වීය. මෙම සංචාරය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු යුද්ධ සහ ගුවන් හමුදාධිපතිවරු සහභාගි වී සිටියහ.
13 Dec 2019
නාවික හමුදාධිපති විසින් උතුරු නාවික විධාන මූලස්ථානයේ නව කණිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල විවෘත කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක යෙදුණු අතර, එහිදී විධාන මූලස්ථානයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලේ පළමු අධියර නාවික හමුදාධිපති විසින් විවෘත කෙරුණි.
13 Dec 2019
හදිසි ආපදාවන්ට මුහුණ දීමට නාවික හමුදාව සීරුවෙන්

ශ්‍රී ලංකාවට මේ දිනවල බලපෑ ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මැදවච්චිය සිට හොරෙව්පතාන දක්වා දිවෙන මාර්ගයේ නව ලයිට් පාරේ පිහිටි පාලමක් කැඩී ගොස් තිබූ අතර, එය තාවකාලිකව පිළිසකර කිරීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සමග ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව 2019 දෙසැම්බර් 12 වන දින පියවර ගෙන ඇත.
13 Dec 2019
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 53 ක් දිනා ගනී

13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලක් මවට අභිමානයක් ගෙන දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2019 දෙසැම්බර් 12 වන දින දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි.
13 Dec 2019
අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් සිවිල් වැසියන් හට නාවික හමුදා සහාය

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම, රන්දියගම ප්‍රදේශය වැසි ජලයෙන් යට වී ප්‍රදේශයේ සිවිල් වැසියන් ආපදාවට ලක්වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන සැලසීම වෙනුවෙන් 2019 දෙසැම්බර් 11 වන දින සිට සහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
12 Dec 2019