වැදගත් සිදුවීම්
නාවික හමුදාව සහ පොලිසිය විසින් සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 09 ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (මාර්තු 24) දකුණු මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් සමඟ විදේශීය පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට පත්විය.
24 Mar 2019
ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු දූත පිරිස නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ‘කැන්බරා’ නෞකාවේ ධජ නිලධාරී, එයාර් කොමදෝරු රිචඩ් ඔවන් මහතා සහ ‘නිව්කාසල්’ නෞකාවේ අණදෙන නිලධාරිණී, කොමාණ්ඩර් ඇනීටා සෙලික් මහත්මිය අද (මාර්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමුවිය.
24 Mar 2019
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (මාර්තු 23) වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.
24 Mar 2019
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 ක් සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) ඊයේ (මාර්තු 23) රාත්‍රී කාලයේදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.
24 Mar 2019
ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු නෞකාවන් 4ක් දිවයිනට පැමිණේ

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’, ‘නිව්කාසල්’, ‘සක්සස්’ සහ ‘පැරමටා’, යන නෞකාවක් 4 ක් අද (මාර්තු 23) උදෑසන දිවයිනට ලගාවිය. ඒ අනුව ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් කොළඹ වරායට ද ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් ත්‍රිකුණාමලය වරායට ද ලගාවිය.
23 Mar 2019
‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදා මූලස්ථානයේ ධර්ම දේශනාමය පිංකමක් පැවැත් විය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට මාර්තු 23 වන දින දක්වා ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත්කර ඇත.
22 Mar 2019
බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 22) උදෑසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
22 Mar 2019
බීඩී කොළ කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 21) උදැසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කරන ලද සෝදිසි කිරීමේදී කිලෝ ග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩී කොළ සහිත ගෝනි 04 ක් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .
21 Mar 2019
බීඩී කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 20) රාත්‍රි කාලයේ තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
21 Mar 2019
ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 20) උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ සැකකටයුතු ගෝනි 05 ක් හමුවී ඇති අතර, එහි පාර්සල් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
20 Mar 2019