වැදගත් සිදුවීම්
රුසියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු නාවික හමුදාවේ නියෝජිතයින් පිරිසක් අද (2019 නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
30 Nov 2019
නීති විරෝධී මත්පැන් ලීටර් 500 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 නොවැම්බර් මස 29 වන දින ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.
30 Nov 2019
නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019 නොවැම්බර් 29 වන දින අරලියගහ මන්දිරයේදී හමුවිය.
30 Nov 2019
පතොරම් 05 ක් සහ කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පුත්තලම පොලීසිය එක්ව අද (2019 නොවැම්බර් 29) අළුයම පුත්තලම ප්‍රදේශයේදී පතොරම් 05 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 3.910 ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
29 Nov 2019
බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 29) අළුයම ඉළුප්පුකඩවායි වෙරළේ සිදුකළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 303 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
29 Nov 2019
69 වන නාවික දිනයට සමගාමීව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී.

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින තුළ පැවැත්වේ.
28 Nov 2019
Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී

නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය.
28 Nov 2019
අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව නැවත පිළිසකර කිරිම සඳහා නාවික හමුදා සහාය විය.
28 Nov 2019
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුමේදී නීතිවිරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් මස 27 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රය තුළ යකඩ ප්‍රවාහනය කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
28 Nov 2019
කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී කිලෝග්‍රෑම් 96.390 ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
28 Nov 2019