වැදගත් සිදුවීම්
මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 14 වන දින යාපනය කෝකිලායි වෙරළ තීරයේ සිදු කල පාමුර සංචාරයකදී වෙරළේ නවතා තිබූ රෝද තුනක් සහිත යතුරු පැදියක තිබී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
15 Mar 2020
මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පැති බෝම්බයක් නාවික හමුදා භාරයට

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී 2020 මාර්තු 14 වන දින පැති බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
15 Mar 2020
එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගයක්

මෙම මස 10 වන දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරඟයක් 2020 මාර්තු 14 වන දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.
15 Mar 2020
දේශීය නිෂ්පාදිත ගිණි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) චාවකච්චේරිය, වෙඩ්ඩුකාඩු ප්‍රදේශයේ සිදුකල පාමුර සංචාරයකදී කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු සිය භාරයට ගන්නා ලදි.
14 Mar 2020
මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට තැත්කල කේරළ ගංජා කිලෝ 485ක් නාවික හමුදා අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) උතුරු මුහුදේ ක්‍රියාත්මක කල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා කිලෝ 485 ක් අත් අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව ගත වූ දින 75 කාලය තුළදී දිවයින වටා මුහුදු තීරයේදී සහ රට අභ්‍යත්තරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් දෙකකට (02) ආසන්න තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට නාවික හමුදාව සමත්වී ඇත.
14 Mar 2020
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2020 මාර්තු 13 සහ 14 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.
14 Mar 2020
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 25 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 14) සිදු කරන ලදි.
14 Mar 2020
‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ වරාය පරිශ්‍රයේදී ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ආදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ
14 Mar 2020
බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක් (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව 2020 මාර්තු 13 වන දින තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමෙකදී නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.
14 Mar 2020
කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ වන්කාලේ පොලිසිය එක්ව 2020 මාර්තු 13 වන දින වන්කාලේ ප්‍රදේශයේදී කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි.
14 Mar 2020