වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගයෙකු (01) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 04වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.
05 Mar 2020
නාවික හමුදාව දියත් කල අති සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාවන් අද (2020 මාර්තු 05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
05 Mar 2020
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 88ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 04 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
05 Mar 2020
රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් (02) අද (2020 මාර්තු 04) කොළඹ වරායට සේන්දු විය. තෙදින (03) සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.
04 Mar 2020
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව විසින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී ඉන්දියානු මුහුදු සීමාව හරහා ශ්‍රීලංකා මුහුදු තීරය වෙත පැමිණෙමින් සිටි නීති විරෝධී ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
04 Mar 2020
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 04) ඉරනතිව් දූපතට උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.
04 Mar 2020
ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යාලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යාලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්ෂක උපදේශක මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් නවාෆ් ටී ඇලොටයිබි අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.
04 Mar 2020
හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මාර්තු 03 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
04 Mar 2020
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.
04 Mar 2020
කපිතාන් තුෂාර උඩුගම ශ්‍රී ලංනානෞ ‘පරාක්‍රමබාහු’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් තුෂාර උඩුගම 2020 මාර්තු 03 වන දින වැඩ භාර ගන්නා ලදී.
04 Mar 2020