වැදගත් සිදුවීම්
උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් 2021 ජූලි 20 වන දින වැඩ භාර ගන්නා ලදී.
20 Jul 2021
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක්

දියයට කිමිදී එහි අසිරිය විඳීම අපූරු විනෝදජනක අත්දැකීමක් ගෙන දෙන්නක් වුවත්, කිමිදීම අවදානම් සහිත කටයුත්තකි. මෙම අවදානමට අභියෝග කරමින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට 2021 ජුලි 17 වන දින විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් යන නාවික පුද්ගලයින් කටයුතු කිරීම, නාවික ඉතිහාසයේ එවන් ගැඹුරකට කිමිදුනු ප්‍රථම පුද්ගලයින් ලෙස ඉතිහාස ගත වීමෙන් නාවික හමුදාවට විශාල කිර්තියක් ගෙන දෙන්නට සමත් විය.
19 Jul 2021
නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි, පණ්ඩුගලම සිරි සම්බුද්ධ විහාරයට අනුබද්ධිත රොටවැව, එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍ය දායකත්වයෙන් ස්ථාපිත කල ජල පිරිපහදු මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ජූලි 17 දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.
19 Jul 2021
වයඹ නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2021 ජුලි 16 වන වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
17 Jul 2021
ඔලිම්පික් වරම් හිමිකරගත් නාවික හමුදා ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්

කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම රටට සුවිශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාව දිරිගැන්වීම සඳහා ඇය සුළු නිලධාරී තරාතිරම දක්වා උසස් කර ඇයට රු.250,000.00ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2021 ජූලි 16) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
16 Jul 2021
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම (20) එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 13 වන දින සිට දින තුනක් (03) පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී (NARA) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුනු අතර, අද දින (2021ජූලී 15) එම රැස්වීම සාර්ථකව අවසන් විය.
16 Jul 2021
වැලිසර නාවික මහ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කෙරේ

වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදි කළ රුධිර කාන්දු පෙරණ ඒකකය (Hemodialysis Unit ) විවෘත කිරීම අද (2021 ජුලි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
15 Jul 2021
නාවික පර්යේෂණ ඒකකය ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි නව වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) නව වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි කපිතාන් ලසන්ත විතානගේ විසින් අද (2021 ජුලි 14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදී.
14 Jul 2021
ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් තාරික් මුහම්මඩ් අරිෆුල් ඉස්ලාම් මහතා (Tareq Md Ariful Isalam) අද (2021 ජූලි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
09 Jul 2021
නාවික හමුදා දායකත්වයෙන් අළුත්වැඩියා කළ කන්තලේ පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි සිසු අයිතියට

නාවික හමුදා මූල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කරන ලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ පිහිටි පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල සහ රැස්වීම් ශාලාව සිසු අයිතියට පත් කිරීම 2021 ජූලි 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
09 Jul 2021