වැදගත් සිදුවීම්
71 වන සංවත්සරය අභිමානවත්ව සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය අද (2021 දෙසැම්බර් 09) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 71 වන සංවත්සරයට සමගාමීව, මෙවරද 2021 දෙසැම්බර් මස 09 සහ 10 දිනයන්හි ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම්ලා තබා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට කටයුතු සුදානම් කර ඇත.
09 Dec 2021
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දැක්විමේ අවස්ථාව සඳහා සහභාගි වේ

ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති වරයෙකු වන කපිතාන් එම්එන් ධර්මරත්න මහතා විසින් රචිත ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දැක්වීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 දෙසැම්බර් 08) කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු කෙරිණි.
08 Dec 2021
ඉතාලි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉතාලි ආරක්‍ෂක උපදේශක කපිතාන් ෆැබ්රිසිඕ ෆල්සි (Captain (Navy) Fabrizio Falzi ) අද (2021 දෙසැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
07 Dec 2021
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ තරුණයින්හට ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලා

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ප්‍රොජෙක්ට් සංගමයේ සහයෝගයෙන් යාපනය, කරෙයිනගර්හි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ දී සංවිධානය කළ ජීවිතාරක්ෂක පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් 16 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානය, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ සහ උතුරු නාවික විදානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් 2021 දෙසැම්බර් මස 05 වන දින සිදු කෙරිණි.
07 Dec 2021
නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පහළොස්වන (15) පාඨමාලාව අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ පහළොස්වන (15) මාණ්ඩලික පාඨමාලාව ඇමතීම සඳහා අද (2021 දෙසැම්බර් 06) සහභාගී විය.
06 Dec 2021
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 04 වන දින ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
05 Dec 2021
71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව හා දානමය පිංකම, 2021 දෙසැම්බර් 03 සහ අද (2021 දෙසැම්බර් 04) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.
04 Dec 2021
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහණ ලේල්වල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් රෝහණ ලේල්වල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 දෙසැම්බර් 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
04 Dec 2021
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී ආගමික වැඩසටහනක්

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ මුස්ලිම් ආගමික වැඩසටහන අද (2021 දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
02 Dec 2021
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 01 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
02 Dec 2021